ඊයෙ (10) මෙරටින් කොරෝනා මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 41 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
51 හැවිරිදි පිරිමි පුද්ගලයකු, 45 හැවිරිදි පිරිමි පුද්ගලයකු , 63 හැවිරිදි කාන්තාවක් සහ
අවුරුදු 55 - 60 අතර හඳුනානොගත් පිරිමි පුද්ගලයකු මෙලෙස මරණයට පත් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මේ අතර රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද දීර්ඝකාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් 19 ආසාදනය වී එය උත්සන්න වීම හේතුවෙන් මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.