COVID-19 ; 20 වැනි මරණය වාර්තා වෙයි !

COVID-19 ; 20 වැනි මරණය වාර්තා වෙයි !

මෙරට 20 වැනි කොරෝනා මරණය අද (30) පෙරවරුවේ වාර්තා විය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් 6123 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර  ආසාදිතයින් 4282 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.