ඇස්ට්‍රාසෙනෙකා COVID එන්නත?

ඇස්ට්‍රාසෙනෙකා COVID එන්නත?

 රුධිරය කැටි ගැසීමේ සංකුලතාවක් වාර්තා වීම හේතුවෙන් ලොව රටවල් කිහිපයක්ම මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව අදහස් දක්වමින් පෙන්වා දී තිබෙන්නේ එම තත්ත්වය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් දැනට රුධිර කැටි ගැසීම සහ එන්නත අතර සම්බන්ධයක් තහවුරු වී නොමැති බවත්ය.එසේම එන්නත්කරණ වැඩසටහන නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලින් ඉල්ලා සිටිනවා.

මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවත් අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට බිය නොවිය යුතු බවත් යුරෝපා රටවල ගැටලුවක් පිළිබඳ සඳහන් වන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කාණ්ඩය  මෙරට ජනතාවට ලබා දෙන එන්නත් කාණ්ඩය නොවන බවත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පෙන්වා දුන්නා.