පූජිත්, හේමසිරිට ඇප නෑ !

පූජිත්, හේමසිරිට ඇප නෑ !

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභා කරන්නැයි කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද (09) නියෝග කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දරට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගියදා ඇප නියම කළාය.

එම නියෝගයට එරෙහිව නීතීපතිවරයා විසින් ප‍්‍රතිශෝධන ඇයැදුම්පතක් ඉදිරිපත් කෙරූ අතර ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අද (09) තීන්දුව ලබා දුන්නේය. එහිදී, මහේස්ත්‍රාත් අධිකරණය මගින් පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දුට ඇප නියම කිරීම නීතියට පටහැනි බවත් එම නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කර ඇත.