COVID -19 ; රෝගීන් 65යි ! ලංකාව ඉතාලිය ඉක්මවයි !!

COVID -19 ; රෝගීන් 65යි ! ලංකාව ඉතාලිය ඉක්මවයි !!

ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් අද (20) වන විට රෝගීන් හැට පස් දෙනෙකු වාර්තාවෙයි. එමෙන්ම ලංකාවේ පළමු සතිය ඉතාලියේ පළමු සතියට වඩා බරපතළ තත්ත්වක් ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කොරෝනා වැළඳුණු රෝගීන් සිය දෙනෙකුගෙන් රෝගීන් හතර දෙනෙකු මිය යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන අතර ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ මේ සඳහා ඇති කාලය අඩු බවත් ඒ වෙනුවෙන් සියලුදෙනා කැපකිරීම් කිරීමට අවශ්‍ය බවත්ය.

එමෙන්ම අද (20) පස්වරු 6.00 සිට සදුදා  උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතියද පනවා තිබේ.