අද (11) සිට නව බස් ගාස්තු !

අද (11) සිට නව බස් ගාස්තු !

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයෙ (10 ) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි කර තිබේ. ආසන මට්ටම අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා  මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන අමත්‍යංශය අවසර ලබා දී ඇත.ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට  රුපියල් 14 දක්වා ඉහළ දමා තිබේ.

පසුගියදා බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ඉල්ලීම් කර තිබූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත් කොවීඩ් තත්වයෙහි තුරන් වීම පිළිබද තහවුරු කළ පසු බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවත් ය. කෙසේවෙතත් පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදව ද සාධාරණ ලෙස විමසිලිමත් විය යුතු බවත්, ඒ අනුව දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස තීරණ ගත යුතු බවත් ඔහු එහිදී කියාසිටියේ ය.

b 728x1024