විස්ස ගැන කමිටු වාර්තාව අද !

විස්ස ගැන කමිටු වාර්තාව අද !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදීමට නියමිතව තිබේ. ඊයේ (14) පස්වරුවේ අදාළ කමිටුව රැස්වී ඇති අතර එම සාකච්ඡාවෙන් පසු කමිටු සාමාජිකයින් මාධ්‍යට අදහස් පළ කරමින් ඒ බව පවසා තිබේ. අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට උදය ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. ව්‍යාලේන්ද්‍රන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන අය ඇතුළත්ය. කමිටු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී පැය කිහිපයක් මෙම සාකච්ඡා පවත්වා තිබේ.