විස්ස ගැන කමිටු වාර්තාව අගමැති අතට !

විස්ස ගැන කමිටු වාර්තාව අගමැති අතට !

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ කමිටුවේ නිගමන අද (15)  අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබේ.
එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළ අතර එම කමිටුව,  කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 9 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

ඊයේ (14) පස්වරුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව සාකච්ඡා පවත්වා අදාළ කමිටු වාර්තා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදීමට කටයුතු කිරීමට සුදානම් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට උදය ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. ව්‍යාලේන්ද්‍රන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන අය ඇතුළත්ය.

විස්ස ගැන කමිටු වාර්තාව අද !