“අනූ නමයෙන් බේරුණේ. නැත්තං එයාට ගහනවා ” දේවානිගේ ආරක්ෂාව වහා තහවුරු කරන්නැයි CHR ජනපතිගෙන් ඉල්ලයි !

“අනූ නමයෙන් බේරුණේ. නැත්තං එයාට  ගහනවා ” දේවානිගේ ආරක්ෂාව වහා තහවුරු කරන්නැයි CHR ජනපතිගෙන් ඉල්ලයි !

අමාත්‍යවරයෙකු ඉදිරිපිට නොබියව තම අදහස් හුවමාරු කළ වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක යන රාජ්‍ය නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

පසුගියදා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කිරීම හා සිය විරෝධතාව දැක්වීම නිසා ඇය වෙත තර්ජන එල්ල වීමේ දැඩි අවධානයක් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පවසයි. මේ නිසා ඇයගේ රැකියාවේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බවද ඇය පෙන්වා දෙයි.

මෙම සිදුවීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, “අනූ නමයෙන් බේරුණේ. මමයි බේරාගත්තේ නැත්තං එයාට ගහනවා ” යනුවෙනි. එය වන සංරක්ෂණ නිලධාරිනි දේවානි ජයතිලක වෙත අනියමින් එල්ල කළ බලපෑමක් බවද සිව්දරු මවක් වන දේවානි ජයතිලකගේ ආරක්ෂාව තහවුරු කිරීම මේ මෙහොතේ රජයේ වගකීමක් වන බවද ඇය අවධාරණය කරයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර දේවානි ජයතිලකගේ වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව වහා තහවුරු කරන්නැයි එමගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලා තිබේ.