චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නිරෝධායන නීති නෑ ! - පවිත්‍රා වන්නිආරච්චි

චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නිරෝධායන නීති නෑ ! - පවිත්‍රා වන්නිආරච්චි

චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැන් ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් නිරෝධායනය නොකරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාම දින 14ක නිරෝධායනයකට යටත් විය යුතු වුවද ශ්‍රී ලංකාවට පැමිණි චීන රාජ්‍ය ත්‍රාන්තික පිරිස නිරෝධායනය වීම අවශ්‍ය නොවන බවත් ඔවුන් ලංකාවට පැමිණීමට පෙර PCR පරීක්ෂණය කළ ඇති බවත් සඳහන් කළාය. කෙසේවෙතත් මෙම දූත පිරිස අද (09) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතය.