'අපි ශ්‍රී ලංකා' සමුළුව ගැන චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට ලියුමක් !

'අපි ශ්‍රී ලංකා' සමුළුව ගැන චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට ලියුමක් !

 

'අපි ශ්‍රී ලංකා' සමුළුව අද (05) සවස 2.00 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපතිනිය විසින් ඊයේ (04) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ මෙම සමුළුව නිසා පක්ෂයට කිසිදු හානියක් සිදු නොවන බවයි. පසුගිය ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂ සභාපති ලෙස පත්වීමෙන් පසු ශ්‍රීලනිපය සැලසුම් සහගතව විනාශ කිරීමට කටයුතු කර ඊට එරෙහිව නව පක්ෂයක් ගොඩනගාගෙන ඇති බවත් ඔහුට එරෙහිව පක්ෂයේ විනය කටයුතු හෝ ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් චන්ද්‍රිකා කුමාරතුංග ලිපිය මගින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අද (05) පැවැත්වීමට නියමිත මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක් සහභාගීවීමට නියමිතය. ඒ අතර ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයට විරෝධය දැක්වූ නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් විශාල පිරිසක්ද මීට සහභාගී වීමට නියමිත බවත් comrade.lk වාර්තා වෙයි.

මෛත්‍රීට යැවූ ලිපිය පහතින්,

cbk my letter 720