CWC මහ ලේකම් ජීවන් !

CWC  මහ ලේකම් ජීවන් !

ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයට පත් කර තිබේ. පක්ෂයේ විධායක සභාව අද (17) කොටගල දී රැස් වූ අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික මරද පාණ්ඩි රාමේෂ්වරන් සඳහන් කළේය. එහිදී කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙස මෙතෙක් එම පක්ෂයේ මහ ලේකම්වරිය ලෙස කටයුතු කළ අනූෂා සිවරාජා පත් කර ඇති බවත් ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් හිස් වූ පක්ෂයේ නායකත්වය සඳහා කිසිවෙකුත් පත් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.