සන්ධාන හදනවනං පොහොට්ටුව බෑ ! - දයාසිරි, අත නැතුව ගෝටට දිනන්න පුලුවන් !! - ශෙහාන්

සන්ධාන හදනවනං පොහොට්ටුව බෑ ! - දයාසිරි, අත නැතුව ගෝටට දිනන්න පුලුවන් !! - ශෙහාන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වී ජනාධිපතිවරණයට තරග කරන්නේනම් පොහොට්ටුව හෝ අත ලකුණ ඉවත් කර වෙනත් ලකුණකින් තරග කළ යුතු බව හෙට්ටිපොළ පැවති උත්සවයක දී ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ (09) පවසා ඇත.

මේ අතර පොදුජන පෙරමුණු පා.ම ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රිලනිපය නොමැතිව ද ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය කළ හැකි බවයි. ජනතාව අතර ඇති පොහොට්ටුව ලකුණ ඉවත් කර වෙනත් ලකුණක් යෙදීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු කැමැත්තක් නොමැති බව පොදුජන පෙරමුණු පා.ම බන්දුල ගුණවර්ධන ද ඊයේ ප්‍රකාශ කර ඇත.