බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට !

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට !

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පසුගිය මාර්තු 27වැනිදා බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගත් අතර ඔහු ලන්ඩන්හි ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කරනු ලැබිණි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ අයහපත් වීම නිසා ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. මෙම පුවත වාර්තා වීමත් සමඟ ලෝක නායකයෝ රැසක් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළහ.

කෙසේවෙතත් 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුට ඉතා විශිෂ්ට අයුරින් ප්‍රතිකාර කරන බව බීබීසී පුවත් සේවය පවසයි.