බොලිවුඩයේ සුපිරි තරුවකට කොරෝනා !

බොලිවුඩයේ සුපිරි තරුවකට කොරෝනා !

බොලිවුඩයේ ජනප්‍රිය ගායන ශිල්පිනී බේබි ඩෝල් හෙවත් කණිකා කපූර් හට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නෙ වෛරසය අසාදනය වීමෙන් අනතුරුව ඇය ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකම ගැවසී ඇති බවයි. වෛරසය අසාදනය වීමෙන් පසු කණිකා ප්‍රසිද්ධ උත්සව ගණනාවකටම සහභාගී ඇති අතර ඉන් කිහිපයකටම ප්‍රධාන දේශපාලන නායකයින් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසක් සහභාගී වී ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් ඇයගේ නොසැලකිලිමත්බව නිසා ලක්නව් රජය විසින් ඇයට නඩු පවරා තිබේ.