ඕස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාරය ; 'නවීන' රාජ්‍ය හැක් කිරීමක් ! මොරිස් අනතුරු අඟවයි.

ඕස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාරය ; 'නවීන' රාජ්‍ය හැක් කිරීමක් ! මොරිස් අනතුරු අඟවයි.

ඔස්ට්‍රේලියාවේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඕස්ට්‍රේලියාවේ රජය සහ ආයතන ඉලක්ක කර ගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

රජය, කර්මාන්ත, දේශපාලන සංවිධාන, අධ්‍යාපනය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය සේවා සපයන්නන් සහ වෙනත් තීරණාත්මක යටිතල පහසුකම්වල ක්‍රියාකරුවන් දක්වා මෙම සයිබර් ප්‍රහාරය විහිදී ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි. ඕස්ට්‍රේලියාවේ රජය සහ ආයතන ඉලක්ක කර ගෙන ඇත්තේ නවීනතම රාජ්‍ය පාදක සයිබර් කණ්ඩායමක් බවත් මෙම ප්‍රහාර මාස ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින බව අවධාරණය කරන ස්කොට් මොරිසන් කියා සිටියේ මහජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපාරවලින් ඉල්ලා සිටින බවයි. කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් කියාසිටියේ "ද්වේෂ සහගත" ක්‍රියාකාරකම් ගෝලීය වශයෙන් ද දක්නට ලැබෙන අතර එය ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික තත්වයක් නොවන බවයි.