වසරේ සාගර වීරවරිය ආශා ඩී වොස් !

වසරේ සාගර වීරවරිය ආශා ඩී වොස් !

2020 වසරේ සාගර වීරවරිය ලෙස ලාංකික සාගර විද්‍යාඥවරියක වන ආශා ඩී වොස් නම් කර තිබේ. ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම හා සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය ඉටු කල සේවය පදනම් කරගෙන ස්කූබා ඩයිවින් නම් සුප්‍රකට සගරාව විසින් මෙම නම් කිරීම සිදුකර තිබේ. ඒ වෙනුවෙන් ඇයට ඩොලර් 5000 ක ත්‍යාගයක් හිමිවන අතර සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා එම මුදල යෙදවීමට නියමිත බව වාර්තා වෙයි.
මීට සති කිහිපයකට පෙර පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් යළි මුහුදට හරවා යැවීමේ මෙහෙයුම සාර්තක කර ගැනීමටද සාගර විද්‍යාඥ ආශා ඩි වොස් කැපවී කටයුතු කර තිබිණ.

ඇය මීට පෙර බීබීසී පුවත් සේවය නම් කළ ලෝකයේ වඩාත්ම බලපෑම් කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරට ඇතුළත් වූවාය.