අමාත්‍ය අරුමුගන් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි !

අමාත්‍ය අරුමුගන් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි !
 
ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් ඊයේ (26) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ. අමාත්‍යවරයා නිවසේදී ඇද වැටීම හේතුවෙන් තලංගම  රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.
 
මිය යන විට අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන්
පනස් පස් වැනි වියේ පසුවිය.
 
1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් සාවුමියමූර්ති අරුමුගන් රාමනාදන් තොන්ඩමන් හෙවත් අරුමුගන් තොන්ඩමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන දේශපාලනඥයෙකි. ඔහු ලංකාවේ කම්කරු සම්මේලනයේ නායකයා වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
 

Screenshot 20200527 082007Screenshot 20200527 082029Screenshot 20200527 082052