හිටපු මහ බැංකු අධිපතිට වරෙන්තු !

හිටපු මහ බැංකු අධිපතිට වරෙන්තු !

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය මඟ හැර සිටින ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර ඇති හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කර ඇත. සම්පත් අබේකොන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වරෙන්තු නිකුත් කර ඇති අතර දෙසැම්බර් 4 වන දින අජහාන් ගාර්දිය පුංචිහේවා නමැති මෙම නඩුවේ 10 වන විත්තිකරු වෙත යැවීම සඳහා සිතාසි වාර්තා සහ අර්ජුන මහේන්ද්‍රන්ගේ වරෙන්තු වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇත.