මැයි 27 තෙක් රාජිත රිමාන්ඩ් !

 මැයි 27 තෙක් රාජිත රිමාන්ඩ් !

අත්අඩංගුවට පත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර වීමෙන් අනතුරුව අද (13) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

‘‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ නියෝගය මත ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් එය අවලංගු කිරීමට  කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද නියෝග කළේය. ඒ අනුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද  (13) පස්වරුවේ නියෝග කර තිබිණි.

අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රාජිත සේනාරත්න ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.