ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කටුනායකට !

 ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කටුනායකට !

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 98 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද(22) අලුයම 3.26 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 28 දෙනෙකු සහ ගැහැණු වන්දනාකරුවන් 69 දෙනෙක් සහ එක් කුඩා දරුවෙක් සිට ඇත. කටුනායක වෙත පැමිණීමෙන් පසු ඔවුන් සියලුම දෙනා නිරෝධායන කටයුතු සදහා අදාළ ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.