හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය !

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය !

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  අද (28) ප්‍රකාශ කළේය. ඒ අනුව හෙට (29) රාත්‍රී 12 සිට නොවැම්බර් මස 2 වැනිදා අලුයම 5 දක්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙ නිර්දේශය පරිදි බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව ඔහු පවසයි.

මේ අතර සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක  නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

28