බොලිවුඩයේ සුපිරි නළුවාට කොරෝනා වැළඳෙයි !

බොලිවුඩයේ සුපිරි නළුවාට කොරෝනා වැළඳෙයි !

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ. සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සනාථ කර ඇති අතර පසුගිය දින 10 තුළ තමාට සමීපව සිටි සියල්ලන්ම කරුණාකර පරීක්ෂා කර බලන ලෙසද ඔහු එම ට්විටර් පණිවිඩය මගින් ඉල්ලා සිටියි.

Screenshot 20200712 000918

77 හැවිරිදි වියේ පසුවන අමිතාබ් බච්චන් මේ වන විට රෝහල් ගත කොට ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද මේ වනවිට කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇති අතර එහි ප්‍රථිපල බලාපොරොත්තුවෙන්  සිටින බවද ඔහුගෙ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.