අමෙරිකාව ගිනි ගනියි !

අමෙරිකාව ගිනි ගනියි !

බටහිර අමෙරිකාවේ මේ වන විට ගිනි ගැනීම් 103ක් වාර්තා වී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. අමෙරිකාවේ බටහිර වෙරළ තිරයේ පිහිටි ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ රැසක මෙම ලැව්ගිනි ව්‍යාප්ත වී ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් අතුරුදහන්වී ඇති බව වාර්තා වෙයි. ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් යන ප්‍රාන්ත වල මෙම මරණ සිදුව ඇති බවත් මේ හේතුවෙන් වනාන්තර අක්කර මිලියන 3.4 ක ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බවත් බලධාරීන් සඳහන් කර සිටියි.

මෙම ලැව්ගිනි හේතුවෙන්  මේ වන විට පුද්ගලයින් 40,000ක් ආරක්‍ෂිත ස්ථාන කරා යැවීමට පියවර ගත් බවත් තවත් ලක්ෂ 05 කට ආසන්න ජනතාවක් ඉවත් කර ගැනීමට සිදුව ඇති බවත් ඔරිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන කේට් බ්‍රවුන් සඳහන් කළාය.

ienbjxjScreenshot 20200913 124622Screenshot 20200913 124604Screenshot 20200913 124546Screenshot 20200913 124338Screenshot 20200913 124324Screenshot 20200913 124209