හදවත නවතියි ! පෙණහළු ඇවිලෙයි !! - ( video )

හදවත නවතියි ! පෙණහළු ඇවිලෙයි !! - ( video )

ලොව ප්‍රධානතම වැසි වනාන්තරය හෙවත් මහ පොළොවේ පෙනහළු නිමින් හඳුන්වන ඇමසන් වනාන්තරයේ හටගත් ගින්න තවමත් පැතිරෙමින් තිබෙන අතර මේ හේතුවෙන් දහස් සංඛ්‍යාවකට ආසන්න සත්වයින් සහ දුර්ලභ ඝණයේ ශාඛ විනාශ වෙමින් පවතියි. ලැව් ගිනි නිසා හටගන්නා දුමාරයෙන් බ්‍රසීලයේ විශාලතම නගරය වන සාඕ පාලෝ නගරය සම්පුර්ණයෙන්ම වැසි ගොස් ඇති බවත් වාහන ධාවනය කිරීමේදී රියදුරන් හට රාත්‍රී කාලයේදී මෙන් විදුලි ලාම්පු දල්වාගෙන රිය පැදවීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

පරිසර සංවිධාන විසින් මෙම විනාශයට ඍජුවම බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ප්‍රමුඛ බ්‍රසීල රජයට චෝදනා කරන අතර ඔහු බලයට පත්වීමෙන් පසු වනාන්තරය තුළ දැව ජාවාරම, රන් ආකර පවත්වාගෙන යාම වැනි සංවර්ධනයට මුවාවෙන් සිදු කරන විවිධ විනාශකාරී ක්‍රියා ආරම්භ වූ බවත් එම නිසා ලොව විශාලතම ජෛව විවිධත්වයක් ඇති ඇමසන් වනාන්තරය නුදුරේදීම ලොවට අහිමිවී යනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro කියා සිටින්නේ ඇමසන් වනයේ පැතිරෙන ගින්න පාලනය කිරීමට අවශ්‍ය සම්පත් සිය රටට නොමැති බවත් ඇමසන් වනාන්තරයේ හටගෙන ඇති ගිනි ගැනීම් රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදුකර ඇති බවත් ඒ හරහා එම සංවිධාන තමන්ට විවේචන එල්ල කිරීමේ සුදානමක් පවතින බවයි.

'අපේ නිවස ගිනි ගන්නවා' යනුවෙන් සංවේදී ටුවිටර් සටහනක් එක්කරමින් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් කියා සිටියේ ඇමසන් වනය ගිනිගැනීම, ජාත්‍යන්තර අර්බුදයක් බවත් එය ජී 7 සමුළුවේ ප්‍රධාන මාතෘකාව විය යුතු බවත් ය. ලොවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් උත්පාදනය කරන එම වනාන්තරය ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරස් ද කියා සිටියේය.

නවතම දත්ත නිරීක්ෂණයට අනුව තවමත් බ්‍රසීලයේ වයඹ දෙසින් පිහිටි වැසි වනාන්තරයේ සිට අත්ලාන්තික් වෙරළ තීරයේ රියෝ ද ජැනෙයිරෝ දක්වා මෙම ලැව් ගිනි නිසා දුමාරය ගලා යන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන අතර බ්‍රසීල අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ගිනි ගැනීම් 72,000ක් පමණ වාර්තා වී ඇති අතර පසුගිය සතියේ දී පමණක් ගිනි ගැනීම් 9,500ක් වාර්තා වූ බවයි.

ඇමසන් වනස්පතිය ඈවරයි ? පෘථිවියේ පෙණහළු වලට මිනිසුන් ගිනිතබයි !!

මේ පිළිබඳව ෆේස්බුක් ගිණුම් හරහා බොහෝ දෙනා අදහස් පළ කර තිබුණේ මෙසේ ය.

5nuwana

 

 

 

 

1fsgfsg2sdara 6taraea4fdrga3gfdra8fases