කෝච්චියේ අඹ වික්ක අපට දුක ගැන අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ ! එකතුවෙලා රට හදමු !! - AKD 

කෝච්චියේ අඹ වික්ක අපට දුක ගැන අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ ! එකතුවෙලා රට හදමු !! - AKD 
අපි පාසල්  නිවාඩු කාලෙට කෝච්චියේ අඹ විකුණපු අය. ඒ නිසා අපි ගමේ ජනතාවගේ දුක හොඳට අදුනනවා. ඉන්න නිවසක් නැත්තන්, හරිමහන් ආදායමක් නැත්තන්, දරුවන්ට නිසිපරිදි අධ්‍යාපනයක් නැත්තන්, නිසිපරිදි සෞඛ්‍යය සේවයක් නැත්තන්, මානසික නිදහසක් නැත්තන්, මානසික සුවයක් නැත්තන්, මේකෙ අපි ජීවත් වෙන්න ඕනෙද මෙතනට මගෙ අක්කයි අම්මයි ඇවිල්ල ඉන්නවා. අක්කගේ අත කුලියට කැවුම් බඳින්න ගිහිල්ල පිචිචිලා තියෙන්නේ. අවුරුදු 71ක අපේ ගම්වල ඉන්න අම්මල තාත්තල වැරදි දේශපාලනයක් තොරගත්ත. හැබැයි දේශපාලන පක්ෂයකට ඒ කට්ටිය ඡන්දය දුන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන හැබැයි ඒ කිසිම බාලපොරොත්තුවක් ඒ අයට ඉටුකරගන්න මේ වෙනකන් හැකිවෙලා නෑ. අන්න ඒ දේ ඉටුකරන්නයි අපි ඔබ වෙනුවෙන්,රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතවරණයට ඇවිල්ල ඉන්නේ. ඔබ කිසිම කෙනෙකුට යුක්ති සහගත අයිතියක් නෑ අපිව අත්ඇරල යන්න. ඔබ කිසිවෙකුට සාධාරණ අයිතියක් නෑ අපිට පිටුපාන්න. 
අපි ගම්මානවල ජන ජීවිතයත් සමග ඉතා සමීපව ජීවත් වුණ මිනිස්සු. ඔවුන්ගෙ වුවමනාවල් ඔවුන්ගේ බලාපොරොත්තු ඒ බලාපොරෙත්තු බිඳවැටුණු ආකාරය අපි හොඳට දැකල තියෙනවා. එදා තඹුත්තේගම රෝහලේ හිටියේ දෙමළ මහත්තයෙක්, අපේ අප්පච්චි වැඩකරපු මිනින්දෝරු කාර්යාලයේ හිටියෙ දෙමළ මහත්තයෙක්, තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති හිටියෙ දෙමළ කෙනෙක්. අපි එදා ඒ අයත් එක්ක සමීපව කටයුතු කළා. හැබැයි ඒ ඔක්කොම විනාශ කරමින් අපේ රටේ එදා හිටපු පාලකයෝ යුද්ධයක් නිර්මාණය කළා. ඒ යුද්ධයෙන් අපේ ළඟින් සුහදව හිටපු ගොඩක් දෙනෙක් මිය ගියා. ඒ අත්දැකීම් දන්න අපි, ඒ අත්දැකීම් වින්ද අපි නැවත මේ වගේ රට තුළ බිහිසුණු තත්ත්වයක් ඇතිකරන්න ඉඩදිය යුතු නෑ. හැබැයි අපි එදා මේක වෙනස් කළා නම් රටේ මේ විදිහට රණවිරුවන්ගෙ සොහොන් කොත් ඉදිවෙන්නෙ නෑ. ඒක නිසා කවර හෝ දරු පරම්පරාවක් එවැනි ව්‍යසනයකට ලක්වෙන්න ඉඩදිය යුතු නෑ. අපේ මේ ගම්වල ජීවත්වෙන අහිංසක මිනිස්සුන්ට සැපත, සතුට තියෙන ජීවිතයක් උරුම කරල දෙන්න අපිට වගකීමක් තියෙනවා.
| තඹුත්තේගම රැළියේදී අනුර කුමාර දිසානායක පැවත්වූ කතාවෙන් කොටසකි.| සේයාරුව : චන්න උදීප |