ජනපති සටනේ නාම යෝජනා භාරගැනීම අවසන් !

ජනපති සටනේ නාම යෝජනා භාරගැනීම අවසන් !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (07) උදෑසන රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ආරම්භ වූ අතර මේ වන විට නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වී තිබේ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා භාරදුන් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසද, ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායකද, ජාතික ජනතා පක්ෂයෙන් ජෙනරාල් මහේෂ් සේනානායක ද ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අතර බත්තරමුල්ලේ සීලරතන හිමි ජන සෙත පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දෙනු ලැබුවේ ය.