අටවැනි ජනපති සටනේ නාම යෝජනා අද ! ජනතාවට සැප දෙන්න 41ක් ඇප බැඳලා !!

අටවැනි ජනපති සටනේ නාම යෝජනා අද ! ජනතාවට සැප දෙන්න 41ක් ඇප බැඳලා !!
ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (07) සිදුවෙයි.  ඊයේ මධ්‍යහ්න දොළහ වන විට අපේක්ෂකයින් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ ලේකම්  කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි.
 
විධායක ජනාධිපතිවරයෙක් පත්කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය 1982 වසරේදී  පැවැත්විණි. එහිදී පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතය 81.06% කි. එතැන් සිට මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම ජයග්‍රහණය කළ අපේක්‌ෂකයා හෝ අපේක්‌ෂිකාව 50% ඉක්‌මවූ ඡන්ද ප්‍රතිශතයක්‌ලබා තිබිණි. කිසියම් අපේක්ෂකයෙක් එම 50% ප්‍රමාණය ලබා නොගන්නේ නම්, දෙවැනි දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වෙයි. මෙවර ජනාධිපතිවරණයේදී එවැනි සාකච්ඡාවක් ද මතුවී තිබේ.
පසුගිය ජයග්‍රාහකයන් ගත් ප්‍රතිශත මෙසේ ය.
1982 ඡේ. ආර්. ජයවර්ධන - 52.91%
1988 ආර්. ප්‍රේමදාස - 50.43%
1994 චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  - 62.28%
1999 චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  - 51.12%
2005 මහින්ද රාජපක්‍ෂ  - 50.29%
2010 මහින්ද රාජපක්‍ෂ  - 57.88% 
2015 මෛත්‍රිපාල සිරිසේන - 51.28% 
මෙවර ජන්දදායකයන් අතර නොඉඳුල් ඡන්ද මිලියනයක් ඇති බව ද වාර්තා වෙයි.