ශ්‍රීලනිප 69 වැනි සංවත්සරය අදයි !

ශ්‍රීලනිප 69 වැනි සංවත්සරය අදයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය අදට (2) යෙදී තිබේ. පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටියේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 69 වැනි සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරීමට කටයුතු යොදා ඇති බවයි. 1951 වසරේ සැප්තැම්බර් මස 2 වැනිදා දිනක එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ අතර 1956 වසරේදී මෙරට මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රාජ්‍ය බලය හිමි කර ගැනීමට සමත් වූයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය.