ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු දිවයිනට !

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු දිවයිනට !

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද ( 17 ) අලුයම 4.30 ට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ. වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.- 1026 දරන විශේෂ ගුවන් යානයෙන් පැමිණ තිබේ. මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබේ.