විස්සට පක්ෂව විපක්ෂයෙන් ඡන්ද අටක් !

විස්සට පක්ෂව විපක්ෂයෙන් ඡන්ද අටක් !

20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවනවර කියවීම ඡන්ද විමසීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී අද (22) ආරම්භ වූ අතර ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රී වරුන් 08 දෙනෙකු ජන්දය ප්‍රකාශ කළේය. මෙහිදී සමගි ජනබලවේගයෙන් ඩයනා ගමගේ, අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන් යන මන්ත්‍රිවරුන්, මුස්ලිම් ජාතික සන්ධානයෙන් AASM රහීම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, HMM හාරිස් සහ MS තව්ෆික් යන මන්ත්‍රීවරුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය සටහන් කර තිබිණි.