රට හදන්න අපේක්ෂකයෝ 35යි ! ඉතිහාසයේ දිගම නාම ලේඛනය මෙන්න !!

රට හදන්න අපේක්ෂකයෝ 35යි ! ඉතිහාසයේ දිගම නාම ලේඛනය මෙන්න !!

2019 ජනාධිපතිවරණය සඳහා ඊයේ (07) අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා භාර දී තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ දේශපාලන පක්ෂ 18 ක්, වෙනත් දේශපාලන පක්ෂ 2 කින් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර දී ඇති බවයි. මෙරට ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා ගැනීමට නියමිත බවත් ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් 35

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ගෝඨාභය රාජපක්ෂ මහතා
ජාතික ජනබල ව්‍යාපාර (පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ) - අනුර කුමාර දිසානායක මහතා
ජාතික ජනතා පක්ෂය - මහේෂ් සේනානායක මහතා
සමාජවාදී සමානතා පක්ෂය - වජිරපානි විජයසිරිවර්ධන මහතා
එක්සත් සමාජවාදී පක්ෂය - සිරිතුංග ජයසූරිය මහතා
ජනසෙත පෙරමුණ - බත්තරමුල්ලේ සීලරතන හිමි
ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය - අජන්තා විජේසිංහ පෙරේරා මිය
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - ඒ.එස්.පී. ලියනගේ මහතා
අපේ ජනබල පක්ෂය - සමන් ප්‍රසන්න පෙරේරා මහතා
පෙරටුගාමී සමාජවාදී පක්ෂය - දුමින්ද නාගමුව මහතා
ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු - ප්‍රියත් මුනිහත් එදිරිසිංහ මහතා
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ - ආරියවංශ දිසානායක මහතා
රුහුණු ජනතා පක්ෂය (පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ) - අජන්ත ද සොයිසා මහතා
ජාතික සංවර්ධන පෙරමුණ - රොහාන් පල්ලේවත්ත මහතා
ජාතික සමගි පෙරමුණ - නාමල් රාජපක්ෂ මහතා
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය - අරුන ද සොයිසා මහතා
නව සිහළ උරුමය - සරත් මනමේන්ද්‍ර මහතා
අපේ ජාතික පෙරමුණ - සුබ්‍රමනියම් ගුණරත්න මහතා
ස්වාධීන - අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි
ස්වාධීන - එම්.කේ. සිවාජිලිංගම් මහතා
ස්වාධීන - සිරිපාල අමරසේන මහතා
ස්වාධීන - සරත් විජිතකුමාර කීර්තිරත්න මහතා
ස්වාධීන - අශෝක වඩිගමංගාව මහතා
ස්වාධීන - අනුරුද්ධ පොල්ගම්පල මහතා
ස්වාධීන - මිල්රෝයි ප්‍රනාන්දු මහතා
ස්වාධීන - අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි මහතා
ස්වාධීන - එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා
ස්වාධීන - ඉල්ලෙයාස් අයිදුරුස් මොහොමඩ් මහතා
ස්වාධීන - බසීර් සේගුදාවුද් මහතා
ස්වාධීන - පියසිරි විජයනායක මහතා
ස්වාධීන - රජිව් විජේසිංහ මහතා
ස්වාධීන - සමරවීර වීරවන්නී මහතා
ස්වාධීන - ජයන්ත කැටගොඩ මහතා
ස්වාධීන - සමන්සිරි හේරත් මහතා

 

chandapathrikawachandapathrikawa2chandapathrikawa3