ජනපති සටනට අපේක්ෂකයෝ 35යි !

ජනපති සටනට අපේක්ෂකයෝ 35යි !

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (07) නාම යෝජනා බාර දී ඇත. ඊයේ (06) වන විට අපේක්ෂකයින් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇති බවට තහවුරු වුවද අපේක්ෂකයෝ 35 දෙනෙක් පමණක් නාම යෝජනා භාර දී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ. ඒ අනුව දේශපාලන පක්ෂ 18 ක්, වෙනත් දේශපාලන පක්ෂ 2 කින් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර දී තිබේ. චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදී නොමැති අතර අද දිනයේදී අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේප කර තිබේ.