වුහාන් සිට පැමිණි මෙරට සිසුන් අද සිය නිවෙස්වලට !

වුහාන් සිට පැමිණි මෙරට සිසුන් අද සිය නිවෙස්වලට !

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලාවේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් පිරිස අද(14) සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

මීට සති දෙකකට පෙර 33 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ්‍රී ලාංකිකයින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් දිවයිනට රැගෙන ආ අතර පසුව දියතලාව යුධ හමුදා කඳවුරේ පිහිටවූ විශේෂිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබුණි. එහිදී විශේෂිත වෛද්‍ය කණ්ඩායමක අධීක්ෂණය යටතේ යුද හමුදා මූලික රෝහලේ අලුතින් ඉදිකළ ගොඩනැගිලි දෙකක රඳවා සිටි මෙම පිරිස මනා සෞඛ්‍ය තත්ත්වයකින් හා නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව දින 14ක නිරෝධායන කාලය අවසානයේ අද උදෑසන 09:50ට පමණ දියතලාව යුධ හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් තිබේ. එමෙන්ම මොවුන් අද (14) කොළඹ පිහිටි යුධ හමුදා මුලස්ථානයේදී විශේෂිත මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය.