මතුගම ගම් 3 ක් Lockdown ! අසාදිතයන් දාහතයි !!

මතුගම ගම් 3 ක් Lockdown ! අසාදිතයන් දාහතයි !!

 මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 3 ක් හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය. කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තාවීමත් සමග ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය එලෙස හුදකලා ගම්මාන බවට පත්කළ අතර මේ වන විට මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම අසාදිතයින් අතර පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා 5 දෙනෙකුද වෙයි.