අද (25) තද වැසි !

අද (25) තද වැසි !

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

අද (25) ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර ඊයේ අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය එම අගය මිලිමීටර 97.4 ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.