ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව හෙට කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබිය යුතු වනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
හෙට (25) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
