නිරෝධායන ඇඳිරිනීතිය 21 දක්වා

නිරෝධායන ඇඳිරිනීතිය 21 දක්වා

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබෙන්නේ.