21කට මරු කැඳවූ තායි හමුදා සෙබළා හමුදා වෙඩි පහරින් මරුට !  

21කට මරු කැඳවූ තායි හමුදා සෙබළා හමුදා වෙඩි පහරින් මරුට !   
තායිලන්තයේ සාපු සංකීර්ණයකට කඩා වැදී එහි සිටි විසි එක්දෙනකුට වෙඩි තබා මරා දැමූ එරට හමුදා සෙබළෙකු, එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා මරාදමනු ලැබ ඇතැයි විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරයි. තායිලන්තයේ නැකොන් රැචසිමා ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබේ. ජක්‍රපන්ත් තොමා නමැති සැකකරු, සිය ඉහළ නිලධාරියාව ඝාතනය කොට ආයුධ ද රැගෙන කඳවුරෙන් එළියට පැමිණ ඇත්තේ පසුගිය සෙනසුරාදා බව අනාවරණය වී ඇත.