විස්ස විසඳෙයි ! විපක්ෂය විසිරෙයි ?

විස්ස විසඳෙයි ! විපක්ෂය විසිරෙයි ?

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22) සම්මත විය. මෙහිදී සංශෝධනයට පක්ෂව ඡන්ද 156 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 65 ක් හිමි වී තිබිණි.මෙම සංශෝධනයට පක්ෂව විපක්ෂයෙන් ඡන්ද 8ක් හිමි වූ අතර එහිදී ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන්, ඒ. ඒ.එස්. එම්. රහීම්, එස්. එම්. තවුෆික්, ෆයිසාල් කාසීම්, ඒ. ඒ. එම්. හාරිස්, අරවින්ද කුමාර් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් යන මන්ත්‍රීවරු කෙටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කළහ. අනතුරුව කාරක සභා අවස්ථාවේදී ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තරග කිරීම සඳහා ද්විත්ව පුරවැසියන්ට ඉඩ කඩ සැලසෙන 17 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ගෙනා සංශෝධනය සඳහා ද ඡන්ද විමසීමක් පැවැත්විණ. එහිදී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිමට හැකි බවට වන වගන්තියට සහය පලකරමින් ඡන්ද 157 ක් හිමි විය. විපක්ෂව ඡන්ද 64 ක් හිමිවූ අතර කෙටුම්පත දෙවැනි වර කියවීමට විරුද්ධව ඡන්දය ලබා දුන් අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රස් පක්සයේ මුෂාරෆ් මුතුනබීන් මෙහිදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිමට හැකි බවට වන වගන්තිය ද 2/3 බහුතරයකින් සම්මත විය. 20 වැනි සංශෝධනය 2/3 ක බහුතරයෙන් සම්මත විය.

මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වූ සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ මන්ත්‍රිවරියට එරෙහිව විනය පියවර ගන්නා බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියි.

20 දෙවන වර කියවීම 2/3 සම්මතයි !

විස්සට පක්ෂව විපක්ෂයෙන් ඡන්ද අටක් !