2022 ලෝක සතුටු දර්ශකය World Happiness Report පසුගියදා නිකුත් වුණා.
ඒ අනුව මෙවරත් ලොව සතුටු දර්ශනයේ පළමු තැන හිමිව ඇත්තේ ෆින්ලන්තයටයි. එහි දර්ශක අගය 7.821 ක්. ඩෙන්මාකය, අයිස්ලන්තය, ස්ව්ට්සර්ලන්තය, නෙදර්ලන්තය යනාදී රටවල් දර්ශකයේ ඉහළින්ම රැඳෙනවා.
මෙවර ශ්‍රී ලංකාව එහි 127 වන ස්ථානයේ රැඳෙනවා. එම දර්ශක අගය 4.362 ක්. රටවල් 146 ක් අතරින් අවසන් තැන ලැබී ඇත්තේ ඇෆ්ගනිස්ථානයටයි. දකුණු ආසියාවේ සතුටින්ම සිටින රට වන්නේ 84 වන ස්ථානයේ රැඳෙන නේපාලයයි. ඉන්දියාව 136 වන තැන හිමිකරගෙන තිබෙනවා.
ප්‍රධාන වශයෙන් නිර්ණායක 06 ක් පදනම් කර ගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබන අතර එම ප්‍රධාන නිර්ණායක 06 වන්නේ,
• Real GDP per capita (දළ දේශිය නිෂ්පාදනයට සාපේක්ෂව සැබෑ ඒක පුද්ගල ආදායම)
• Social support ( සමාජ තුල පවතින සහයෝගීතාවය )
• Healthy life expectancy ( සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව)
• Freedom to make life choices (ජීවිතයේ තේරීම් සිදු කිරීමට ඇති නිදහස)
• Generosity ( මිනිසුන්ගේ ත්‍යාගශීලීත්වය )
• Perceptions of corruption (දූෂණය හා වංචාව පිළිබඳ වන මානව සංජානනය/ හැඟීම සහ ඒ පිළිබඳ දැනුවත්භාවය) යි.
ඒ අනුව සතුටු දර්ශකයේ ඉදිරියෙන් රැඳෙන රටවල් ජීවත්වීමට වඩාත් හිතකර වටපිටාවක් සහිත මානව නිදහස සහ සාමය ගරු කරන, ආර්ථික සමාජයීය මෙන්ම පුද්ගල චර්යා අතින්ද ඉහළ ගුණාත්මකභාවයක් සහිත රටවල් බව පිළිගැනෙනවා.