ජ්‍යෙෂ්ඨ වෛද්‍ය වෘත්තිකයින්ගෙන් ආණ්ඩුවට රතු එළියක් !

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය වෘත්තිකයින්ගෙන් ආණ්ඩුවට රතු එළියක් !

විරෝධතාකරුවන් මර්දනය පිළිබඳව ජ්‍යේෂ්ඨ වෛද්‍ය වෘතිකයින් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබේ.

පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ අත්තනෝමතික ලෙස සිදු කරනු ලබන අනීතික අත් අඩංගුවට ගැනීම් සහ හිංසා කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.

අදූරදර්ශී නායත්වයක් මගින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමත් එය අවභාවිත කරමින් සාමකාමී අරගලකරුවන්ගේ විරෝධය මැඩ පැවැත්වීමට උත්සාහ කිරීමත් තුළින් රට මුහුණ දී ඇති දරුණු ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනීමට උදව් ලබා දිය හැකි අන්තර්ජාතික ප්‍රජාව තුළ ද අප රට ගැන ඇති විය හැකි අප්‍රසාදය තව දුරටත් වර්ධනය වන බවත් ඔවුන් අවධාරණය කර ඇත.

ගෝල්ෆේස් පිටිය කේන්ද්‍රගත කරගෙන පැන නැගුනු අරගලය යනු ඇත්ත වශයෙන්ම දූෂිත දේශපාලන පද්ධතිය මඟින් ඇති කළ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ මහජනතාව එදිනෙදා මුහුණ පෑ දුෂ්කරතාවන් පිළිබඳ ඔවුන්ගේ අප්‍රසාදයේ ප්‍රකාශනය ලෙස ඔවුන් තවදුරටත් දකින බවත් අරගල ක්‍රියාකාරීන් යනු, දූෂිත දේශපාලකයින් විසින් ජන කණ්ඩායම් බෙදා වෙන් කර ඔවුනොවුන්ගේ සුඛ විහරණය සරිකරගන්නා ජාති ආගම් ආදී සීමා පදනම් කරගත් පටු දේශපාලනයෙන් ඈත් වූ, පීඩිත මහජනයා වෙනුවෙන් පෙනී සිටි නිර්පාක්ෂික නියෝජිතයන් බව සිය දැක්ම බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය වෘත්තිකයින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එම නිසා රජය තව දුරටත් ජනතාව කුපිත වන ආකාරයට දුර්ධාන්ත ලෙස කටයුතු කලහොත් එමගින් තත්ත්වය දරුණු වී, දැවැන්ත උද්ඝෝෂණ (ගැටුම් සහ ලේ වැගිරීම් ) ඇති වීමේ බරපතල අවදානම පිළිබඳවත් ඔවුන් පෙන්වා දී තිබේ.

එමෙන්ම රාජ්‍ය අනුග්‍රහය සහිත හිංසනයන් තුලින් එවන් අර්බුදකාරී තත්වයකට රට ඇද දැමීමට කටයුතු කලහොත්, වගකිව යුතු පුරවැසියන් ලෙස නිහඬව නොසිටින බව ද තවදුරටත් ඔවුන් වැඩිදුරටත් දැනුම් දී තිබේ. 

එම මාධ්‍ය නිවේදනය පහතින්

Screenshot 20220805 190808 Adobe Acrobat

 Screenshot 20220805 194255 Adobe Acrobat

 

Screenshot 20220805 194319 Adobe Acrobat

Screenshot 20220805 194337 Adobe Acrobat