විස්සයි විසිදෙකේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල

විස්සයි විසිදෙකේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2022 ඊයේ (21) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණ.

රාජ්‍ය මෙන්ම පුද්ගලික ගුවන්විදුලි නාලිකා ගණනාවක සන්නිවේදකයින් මෙහිදී සම්මානයට පාත්‍ර විය.

ප්‍රවිණ මාධ්‍යවේදිනි කුසුම් පිරිස් අනුස්මරණ සම්මානයෙන් ප්‍රවිණ මාධ්‍යවේදිනි නෙතලි නානයක්කාර මහත්මියට පිරිනැමුණ අතර ශාන් වික්‍රමසිංහ, නිව්ටන් ගුණරත්න, සුමනා ජයතිලක, නඩරාජා අයියර්, මර්ල් විලියම්, ඩි. එස් දයාරත්න යන මහත්ම මහත්මීන්  ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම සම්මාන උලෙළ සංවිධානය කරන ලදි.