කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මාසයේ උද්ධමනය 14.2 % ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උද්ධමන අගය 12.1 ක් ලෙස සටහන්ව තිබූ අතර ඒ අනුව ජනවාරි උද්ධමනය 2.1 % කින් ඉහළ ගොස් තිබේ.
ජනවාරි මාසය තුළ ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ඉහළ ගොස් ඇති බවත් වැඩි වශයෙන් ආහාර කාණ්ඩයේ මිල ඉහළ යාම උද්ධමනයට හේතු වී ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.