යළි කෝවිඩ් ආසාදිතයින් ඉහළ යාමක් !

යළි කෝවිඩ් ආසාදිතයින් ඉහළ යාමක් !

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවතත් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට සිදුව ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කරයි.

දෛනිකව පැමිණෙන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහලේ සිදුකරන සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ද අඩු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එසේම කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ළමුන් 50 කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසීය.