චීන විදේශ ඇමති දිවයිනට

චීන විදේශ ඇමති දිවයිනට

නිල සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා අද(08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේ ය.

චීන විදේශ අමාත්‍යවරයා සමග දූත පිරිසක් ද පැමිණි බවයි වාර්තා වන්නේ.

චීන – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සඳහා වැන්ග් යී මහතා මෙරටට පැමිණි බවයි කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.

හෙට (09) දිනයේ ඔහු මෙරට රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.