අද සිට පාසල් සාමාන්‍ය පරිදි

අද සිට පාසල් සාමාන්‍ය පරිදි

අද(10) සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන් එකවර පාසල් වෙත කැඳවා ඇති බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රෝගී තත්ත්වයක් පවතී නම් පාසල් වෙත පැමිණීමෙන් වළකින ලෙස දරුවන් හා දෙමාපියන් දැනුවත් කර තිබේ.

පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබීමට, තීරණය කර ඇති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්  මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ය.

එසේම දිවයිනේ සියලුම පාසල් තුළදී අද(10)සිට සිසුන් එන්නත්කරණ කටයුතු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ. යම් සංකුලතාවයක් පවතී නම් පමණක් ලඟම රෝහලෙන් එන්නත ලබාගැනීමට සිසුන්ට උපදෙස් ලබා දී තිබේ.