බලාපොරොත්තුවේ වසර උදාවෙයි !

බලාපොරොත්තුවේ වසර උදාවෙයි !

ලොවපුරා නිදහස් හුස්මක බලාපොරොත්තුව සමඟ 2022 වසර ආරම්භ වුණා.

මෙවරත් ලොව බොහෝ රටවල නව අවුරුදු උත්සව සීමා සහිතවයි සිදු වුණේ. මිනිස් හමුවීම් සීමා සහිත වුවත් දර්ශනීය ආලෝකධාරා සහ ගිනිකෙළි සමඟ 2022 පිළිගන්නට එය බාධාවක් වුණේ නැහැ.

නවසීලන්තය, ටොංගා, සැමෝවා, ෆීනික්ස් දූපත්  ඇතුලු පැසිෆික් රාජ්‍යයන්ට මුලින්ම නව වසර උදාවුණා.

new zealand nye 2022 1362059031නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර

කැනඩාවේ බොහෝ නව අවුරුදු සැනකෙළි ඔන්ලයින් තාකෂණය ඔස්සේ සිදු කෙරුණා. පැරිසිය ජන ඒකරාශිවීම් සඳහා ජනවාරි තුන්වනදා දක්වාම සීමා පනවා තිබෙනවා. ඒ අනුව බොහෝ සැනකෙළි අත්හිටුවන්නට සංවිධායකයින්ට සිදුවුණා. බර්ලින් නුවරත් එලෙසම ජන ඒකරාශීවීම් සීමා කෙරුණා. හිස් ප්‍රේකෂකාගාර සහිත සංදර්ශන පමණක් වේදිකාගත කරන්නට ඔවුන්ට සිදුවුණා. අමෙරිකාවේ බොහෝ සීමා සහිතව කුඩා ජන  කණ්ඩායමකට පමණක් නව අවුරුදු සැනකෙළියට සහභාගීවීමට ඉඩ ලබාදී තිබුණේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින්. ලන්ඩන් නුවර සුපුරුදු ආලෝක සැනකෙළි සිදු කෙරුණ අතර එරට ජනමාධ්‍ය ඔස්සේ එය ප්‍රචාරය කෙරුණා.

4USQCE3LOBMHFLIFHAICRAQCUQනිව්යෝක් නුවර

නව අවුරුද්දේ ලෝක ව්‍යවසන අභියෝගය ජය ගැනීම පිළිබඳ බලාපොරොත්තු තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ කතාව සිදුකළා .

LRLIUA66IZKENM4PHMIIOPXQXE

රුසියාවේ මොස්කව් 

මෙම අසීරු අවස්ථාවට ශක්තිමත්ව මුහුණදීමින් සිටින රුසියානු වැසියන් අගයමින් රුසියානු ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ නවවසරේ ජාතිය ඇමතීම සිදුකළා. සුපුරුදු පරිදි ඔස්ට්‍රේලියාවේද සිඩ්නි වරාය සහ ඔපෙරා හවුස් හි නව අවුරුදු සැනකෙළි අඩු ජන සහභාගිත්වයකින් සිදු කෙරුණා. දකුණු කොරියාව බොහෝ ජන ඒකරාශීවන ස්ථාන සහ වෙරළ තීරයන් වසා දැමීමට පියවර ගෙන තිබුණා. බොහෝ ඉන්දියානු වැසියන් සිය නිවෙස්වල සිටම නව අවුරුද්ද පිළිගැනීමේ සැමරුම් සිදුකළා. ඒ එරටත් ජන ඒකරාශීවීම් සඳහා දැඩි සීමා පනවා තිබූ බැවින්. චීනයද සහ ජපානයද සෞඛ්‍ය සීමාවන්ට යටත්ව නව අවුරුදු උදාව පිළිගත්තා.


2019 වසරේ ආරම්භ වූ ලෝක ව්‍යවසනයේ සිව්වන වසර ලෙසයි මේ වසර උදාවන්නේ.
මිනිසුන්  භෞතිකව එකිනෙකාගෙන් දුරස් කරමින් වුව හදවතින් දැඩි ආදරයකින් වැළඳගන්නා යුගයක උදාවූ මේ වසරේ ලෝක වාසීන්ගේ එකම බලාපොරොත්තුව මෙම ව්‍යවසනයේ අවසානයයි. ලබන වසරටත් ඒ බලාපොරොත්තුව රැගෙන යන්නට නොලැබේවායි අපි ද ප්‍රාර්ථනා කරමු !