මිනිස්කමේ පහනක් නිවීයයි !

මිනිස්කමේ පහනක් නිවීයයි !

දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ  හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව දකුණු අප්‍රිකා පුවත් සේවා වාර්තා කර තිබේ.


ස්වර්ගස්ථ වන විට ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය.

දකුණු අප්‍රිකාවේ සාම ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරමින් මානව හිමිකම් පිළිබඳ ප්‍රබල හඬක් නැගූ චරිතයක් වූ ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.

වර්ණභේදවාදය අවසන් කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රබල චරිතයක් ලෙසද උන්වහන්සේ සැලකෙයි.