යළිත් ලොව සසල කළ ' ඔමික්‍රෝන් '

යළිත් ලොව සසල කළ ' ඔමික්‍රෝන් '

මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය (B.1.1.529) ' ඔමික්‍රෝන් ' ලෙස නම්කර තිබේ.

පසුගිය 24 වනදා ප්‍රථම වරට දකුණු අප්‍රිකාවෙන් මෙම ප්‍රභේදය වාර්තා විය.

මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා යන රටවලින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙය නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් එය එන්නත්වලට ප්‍රතිරෝධය දැක්වීමේ ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවටත් මේ වනවිට විශේෂඥ මත පලවී තිබේ.

මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි කලක් ගෙවී නැති බැවින් නව ප්‍රභේදයේ බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.